වැඩි විස්තර අපි ගැන කියනවට වඩා ඔබව මේ ගමනාන්තයට කැදවාගෙන යාම ඉතා වටින නිසාත් ඔබ ඉතාමත් කුතුහලයෙන් මේ දෙස බලා සිටින බව දන්නා නිසාත් අපි ගමන පටන් ගමු.
අපි ගමන යන්න හිතාගන හිටියේ නම් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ඉදලා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට ගිහින් එතනින් ගමන ආරම්භ කරන්න. හැබැයි අපේ මිතුරු කණ්ඩායමත් හරියටම වෙලාවට වැඩ කරන නිසා දෙයියනේ කියලා 7.20 කෝච්චිය අල්ලගන්න දේවාලේගමට කට්ටය එකතු වෙනකොටත් උදේ 8.10 විතර උනා ''ආයෙම කොච්චියක් තියෙන්නේ දවල් එකොළහුකුත් ගානකට. අපේ ටෙක්නිකල් හාදයා
Train Schedule එක බලලා කියපි. ලෑස්ති උන ගමන නොයා ඉන්නද හැමදේටම ලෑස්ති වෙලා තිබුණ නිසා අපි අපේ විකල්ප ගමන් මාර්ගය තෝරා ගත්තා. කෑගල්ල හරහා පිළිමතලවට ගිය අපි පිළිම තලාව ඔරලෝසු කණුව ලගින් බැහැලා වම් අතට තිබුණ පොත්ත පිටිය මාර්ගයට වෙලා හිටියේ පොත්ත පිටියට යන බස් එකක් එනකම්. පාරේ යන මගියෙක් නම් කිවේ විනාඩි 15 න් 15ට බස් තියෙනවා කියලා. ඒත් බලං ඉන්නනේ බැරි බස් එක්ක එනකම් අපි ගමන පයින්ම පිටත් උනා. පොත්තපිටියට කි.මී. 9.4 ක් තියෙනවා. අපි යන්තම් කිලෝ මීටර එක හමාරක් විතර යනකොට බස් රථයක් ආව පයින් යාම නතර කරලා බස් එකට නැග ගත්තේ තව කිලෝ මීටර ගණනාවක්ම කන්ද නගින්න තියෙන බව දන්න නිසයි.
බස් එකේ කොන්දොස්තර අයියාගෙන් අපි ගමනාන්තේ ගැන විමසුවෙන් බහින තැන, යන හැටි විතරක් නෙමෙයි අලගල්ල හා බැදුණු අපූරු කථාවකුත් අපිට කියල දෙන්න තරම් ඔහු කරුණාවන්ත උනා
''1948 පෙබරවාරි 04 වෙනි දා ලංකාවට නිදහස ලැබෙනකොට මේ අලගල්ල අවට ගම්වාසීන්ට දැඩි කුතුහලයක් මතු උනාලු මොකක්ද ඇත්තටම මේ නිදහස කියන්නේ කියල දැනගන්න. ඉතින් ඒ අතරින් ගම්මු පිරිසක් නිදහස ලැබෙන දිනයේ මේ අලගල්ල කදු මුදුනට නැග්ගලු කොළඹ නිදහස් උත්සවයේ මොනාද වෙන්නේ කියලා දැනගන්න. මේ නැගපු පිරිස උදේ ඉදලා හවස් වෙනකම් හිටියත් කිසිම දෙයක් දැකගන්න ලැබිලානම් නෑ ඒ උනාට. අන්තිමේ හිස් අතින්ම බහින මේ පිරිසගෙන් ගමේ අනිත් අය අහන්න ගත්තලු උඹලා දැක්කද නිදහස කියල ඔලොක්කුවට වගේ නැගපු පිරිසත් උත්තර දුන්නලු මොකෝ නැත්තේ හොදට දැක්කා කියලා. ඉතින් එදා පටන් අද වෙනකලුත් මේ ගමේ බොහෝ පිරිස් සිරිතක් විදියට නිදහස් දිනයට අලගල්ල නගිනවා. නිදහස් දිනයට අලගල්ල කදු මුදුනේ දහස් ගාණක් නිදහස් දවසට මිනිස්සු අදටත් දකින්න පුළුවන්. ''
ඔය කථා අතරතුර අපි පොත්තපිටියට ළගා උනා.
''ඔය ඉස්සරහා තියෙන පාර දිගේ ඉස්සරහට ගිහින් තේ ෆැක්ටරිය ළගින් දකුණට හැරෙන්න.. ඒක කෙලින්ම යන්නේ අලගල්ල කන්දට" කොන්දොස්තර මහත්තයා අපිට මග පෙන්වීම හරියටම කළා.
අපේ ගමන හරයටම පටන් ගත්තේ දැන් කීවොත් මම නිවැරදියි. අපි වාහනයක් ගමන් කළ හැකි අතුරු මාර්ගය දිගේ ඉදිරියට ටික දුරක් ගමන් කරන විට කොන්දොස්තර මහත්තයා කියපු තේ ෆැක්ටරිය අපිට හමුවුවා විතරක් නෙමෙයි එතනට අපේ ගමනාන්තයත් ඉතාමත් හොදින් දර්ශනය වුණා. දැන් පාර වැටිලා තියෙන්නේ පුංචි තේ වත්තක් මැදින්. ටික දුරක් යනකොට අපිට හමුවුණේ පුංචි කඩයක් එතන හිටිය තරුණයෝ කණ්ඩායම බොහොම කුළුපගව අපිට අනතුරු ඇගීවමක් සහ මග පෙන්වීමක් කළා.
''ගලට නගින්නද යන්නේ මල්ලී.. සබන් කෑල්ලක්වත් අරන් යන්න කූඩැල්ලෝ හොදටම මේ ටිකේ වැස්ස නිසා. බොන්ඩ වතුර ඇතිතරම් අරන් යන්න උඩ බොන්න ගන්න වතුර නම් නෑ. තව ටිකක් උඩ වත්තේ ටැංකිය තියෙනවා ඒකෙන් ඇති තරම් වතුර අරන් යන්න."
ඔවුන්ගේ බසට අවනත වූ අපි සබන් කැටයකුත් රැගෙන අපේ ගමන ආයෙම පටන් ගත්තා. කට්ටයම උදේට කාල නැති නිසා තේ වත්තේ වාඩියකට ගොඩ උනේ අපේ කණ්ඩායමේ කුක් රවිදු හදන් ආව සීනි සම්බල් එක්ක පාන් කෑල්ලක් කන්න. අපිට ඒක තනියම කන්නනම් හම්බුනේ නෑ ඉතින් මොකද රිලා යාළුවෝ ටිකකුත් අපි ඉස්සරහින් ඇවිත් අපි දිහා බලාගෙන ඉන්නට උනු නිසා ඔවුන්ටත් කොටසක් දීලා අපිත් කුසගිනි නිවාගත්තා. ටික දුරකින් වතුර ටැංකිය හම්බුනත් වතුර ඇති වෙයි කියලා හිතුන නිසා අපි තවත් වතුර පුරවන්නට නොරැදුනේ වෙන කිසිම දෙයක් නිසා නෙමයෙි ඒ වන විට උදේ එකළෙහටත් කිට්ටුවෙන් ඔරලෝසුවේ වෙලාව පෙන්වූ නිසා.
දළු නෙලන්නියන්ගේ මග පෙන්වීම ඔස්සේ අපි වත්තෙන් ඉහළට කන්ද දිගේ ඇදෙන්නට පටන් ගත්තා. ''තව කණ්ඩායම් දෙකක් අද උදේ නැග්ගා පාර හොදටම ලෙස්සනවා බලාගන නගින්නග'' බොහොම සුහදශීලීව මේ දළු නෙලන්නියන් අපිට පාර කියා දුන්නා. කදු කිහිපයක්ම නැගල තිබුණත් මේ ගමන වෙනදට වඩා අවදානම් බව ගමන පටන් ගද්දිම වැටහුනේ තියන තියන පය ලිස්සා යාමත් එක්කයි. ඒත් හිතේ තිබ්බ ආසාව හා හිතුවක්කාරකම ඊට වඩා වැඩිනිසා හැමෝම වැටිලා තිබුණ ලී කොටු සොයා ගත්තේ කකුලට අමතරව නොලිස්සා සිටීමට අධාරකයක් කර ගන්නයි.
එන්න එන්නම කන්දේ බෑවුම වැඩිවන්නට වූයෙන් දෙපා වලටත් කන්දේ උස දැනෙන්න ගත්තේ අපිටත් හොරාමයි. ටික දුරක් කන්ද මුදුනට ගමන් කළ අපි මොහොතකට විඩා නිවන්නට නතර වුනේ වතුර පොදක් බීලා පිපාසයත් නිවාගෙන ඉතුරු දුර තරණය කරන්න හිතාගෙන. ඒත් ඊට වඩා වැඩක් අපිට කරන්න සිද්ධ උනේ ඒ වෙනකොටත් මිනින්දෝරු මහත්තුරු අපේ දෙපා මනින්නට පටන් අරගෙන තිබුණ නිසයි. කට්ටියම සබන් කෑල්ල අරගෙන ටිකක් ගාගත්තේ වතුර ගාන්නෙත් නැතිවයි.
ආයෙමත් අපි කන්ද නගින්න පටන්ගත්තා තාමත් කදු මුදුනත පේන මානයකටවත් අපි ඇවිත් නෑ කිලෝමීටර 3කට ආසන්නව අපි මේ වෙනකොටත් කන්ද නැගලා. ආයෙමත් ඉඩකඩ තිබුණ තැනක අපි මොහොතකට නතර වුණා.
''තවත් දවල් වෙන්න කළින් නැගගන්න අයියා. උඩ හොදටම රස්නෙයි. තව ටිකකින් වහින්න ගනීවි." ගම්පහ පැත්තේ ඉදන් ආව කියපු කදු නගින කණ්ඩායමක සාමාජිකයෙක් අපිට කථා කරගෙන පල්ලම් බහින්න වුණා.
අපිත් අපේ ගමන ඉක්මන් කළේ අහස නොපෙනෙන තුරු වදුලක් මැදින් ගමන් කරමින් හිටපු අපට ඉස්සරහට මුහුණ දෙන්න වෙන අලුත් අභියෝගය ගැන මෙනෙහි කරමින්. ටිකෙන් ටික තුරු වදුල නිමා වූයෙන් අප ඉදිරියේ ඉලුක් පදුරු වලින් ගහනය වූ කදු මුදුනේ ඉහල කොටසේ අර්ධයක් පෙනෙන්නට වුවත් කන්දේ මුදුනත නම් තවමත් අපට පෙනේනන්ට වූයේ නැහැ. මාන පදුරු අතරින් අඩි පාර ඔස්සේ කන්ද ඉහළට ගමන් කළ අපිට පුංචි ගල් දෙබෙක්කාවකින් ඉහලට නැගීමත් සමග හිටිවනම අපේ ගමනාන්තය දර්ශනය වූයේ අප දැන් ගමනාන්තයට ඉතාමත් ආසන්න බව හගවමින්. තිබු වෙහෙස කිසිත් නොතකා අප කදු තරණය අවසන් අදියර දක්වා ඒමට සමත් වුණා.
කන්දේ පස් සහිත කොටස අවසන් වන ස්ථානයේ පෙර කදවුරු ගැසූ ස්ථානයකයැයි සිතිය හැකි තැනක අපි මොහොතකට නතර වුණේ ගමනේ උච්චතම හා ත්‍රාස්‍යජනක ඉසව්වට වත් සුළු මොහතකින් පිය නගන්නට සිදුවන බව සිහිපත් වූ නිසයි. කණ්ඩායමේ දෙදෙනෙක් ගමන ආරම්භයටත් පෙර පස්ස ගහන්න වුණේ අධික මහන්සියත් ඉදිරියේ ඇති කොටසේ තිබූ ත්‍රාස්‍යජනක බව නිසාත්මයි. අපගේ බලවත් පෙරැත්තය ඔස්සේ ඔවුන් දෙදෙනාත් අවසානයේ ගමන අවසානය දක්වාම අප සමග රදවා ගැනීමට අප සමත් වූයෙන් අපි අපේ ගමන නැවත ආරම්භ කළා.
අපේ අභියෝගය වූයේ සිංහකට නමින් හැදින් වෙන ස්ථානය හරහා කන්දේ ඉහලම ස්ථානයට ළගා වීමයි. ගලේ තැනින් තැන මතු වී තිබූ ගල් පතුරු අල්ලාගෙන අපි ගලට නැගීම ආරම්භ කළා. පුංචි හෝ අතපසු වීමක් සිදු වී නම් අපේ ගමන නිමා වන්නේ අඩි එක්දහස් පන්සීයයක් විතර වු හෙලකින් ඒ නිසා කවුරුත් පරිස්සම පළවෙනි තැන තියාගෙන ඉහලට නගින්න වූවා. ඒ වනවිටත් කන්දේ මුදුනතට නැග සිටි ගල්නෑව ප්‍රදේශයේ සිට පැමිණ සිටි කදු තරණය කරන්නන් පිරිසක් අපගේ සහයට සිංහ කට අසලට පැමිණියේ අපගේ ගමන් මළු සහ අප ඉහලට ඇද ගැනීමටයි.
ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් සමගින් සිංහ කට තරණය කර කන්දේ ඉහළම ස්ථානයට ළගා වූ අපට දකින්න ලැබුණු දර්ශනයෙන් අපේ මහන්සියට වෙච්ච දෙයක් නැති වුණා කියලා කීවොත් නිවැරදියි. මොකද ඒ තරම්ම ඒ දර්ශනය ඉතාමත් මනස්කන්තයි. ඒ අත්දැකීම විදින්න කැමරා කාචයකින් ගත්ත ඡායාරූපයක්නම් මදි කියලයි හිතෙන්නේ.
ටික වේලාවක් පරිසරයේ සුන්දරත්වය විදි අපි සූදානම් වුණේ දහවල් ආහරය ගන්නයි. ඔන්න එතකොට තමයි හැමෝටම තරු විසික් වුණේ. මොකද මේ දුෂ්කර ගමනාන්තයට ළගා වෙනකොට අපි අතේ ගෙනියපු හැම වතුර බිදුවක්ම වරින් වර පානය කිරීම නිසා අවසන් වෙලා තිබීමයි. කාටත් හොරා මගේ ගමන් මල්ලේ හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට දමා තිබූ ලීටරයේ වතුර බෝතලය හැරෙන්නට සියලු දෙනාටම වතුර පොදක්වත් ඉතිරි වී තිබුණේ නැත්තේ ගමන බලාපෛාරෙත්තු වූවටත් වඩා දුෂ්කර වීම හේතුවෙනි.
ගමන පැමිණීමට පෙර අප කියවූ ලිපි හා සංචාරක සටහන් අනුව අලගල්ලේ අනෙක් පස වූ පූජාගල ආසන්නයේ වතුර තිබෙන බව අප කියවා තිබූවෙන් අපි කෑම තවත් පැයක් පස්සට දමා පූජා ගල වෙත යාමට තීරණය කෙරූවෙන් අපි ඒ සදහා වූ මාර්ගය පිරික්සමින් සිටියෙමු. සිදු වූයේ තවත් අනපේක්ෂිත සිදු වීමකින් අප තවත් අසරණ තත්ත්වයකට ඇද ලබනු ලැබුවේ. ගමනේ ත්‍රාසය සහ කුතුහලය තවත් වැඩි කරමින්. කෙමෙන් කෙමෙන් අලගල්ල කදු මුදුනතට පහලින් වට වෙන්නට වූ දම් පැහැති වළාකුළු අපට වැස්සක පෙර නිමිති පහළ කළේ නොදන්නා පළාතක ආගන්තුක කදු මුදනතක අප අතරමං කරවමින්.
වැස්සටත් වඩා අපට බිය ගෙන ආවේ එම ප්‍රදේශයේ වූ ඉහලම ස්ථානයේ රැදී සිටි අප හට අකුණු වලින් ආරක්ෂා වීම පිණිසු කිසිදු සෙවනක් ඒ අවට නොවීම හේතුවෙනි. අපි පූජා ගල දෙසට ගමන් ආරම්භ කළේ ඉක්මනින් තුරු වදුලේ සැගවීම වැස්සෙන් ආරක්ෂා වීමටත්අප ට තිබූ එකම විකල්පයත් ජලය ලබා ගත හැකි එකම ස්ථානය පූජා ගල යැයි අප විශ්වාස කළ නිසාත්ය.

ගැටලුව වයේ ඒ ගමන ද සිංහ කටටත් එහා වූ ගමනක් නිසාවෙනි. දෙපසින් අඩි එක්දහස් පන්සියයක් පමණ හෙලක් පෙනි පෙනි තිබියදී කටුස්සෙකුගේ කොන්දක් හා සමාන වූ කටුසු කොන්ද නම් ගලේ දාරය ඔස්සේ ගලෙන් පහලට බැසීමට සිදු වීමය. වාසනාවට ඒ හරහා බැසීමට කදු නැගීමේ කණ්ඩායම් මගින් සවිකළ ලණුවක් ඉතිරි වී තිබුණි. ලණුවේ ශක්තිමත් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අප එක වරකට එකා බැගින් ගලෙන් පහලට බැසීම ආරම්භ කළෙමු. අප මුල් කිහිප දෙනාම අපහසුවකින් තොරව ලණුව ආධාරයෙන් පහලට බැසි නමුදු අවසන් දෙදෙනා කන්දෙන් පහළට බස්සවා ගැනීමට අධික ලෙස දිරිමත් කිරීමක් අවශ්‍ය වූයේ දෙපස වූ දැඩි බෑවුම මගින් ඔවුන්ගේ සිත් සසළ කිරීම හේතුවෙනි. සිහින් වැහි පොද අප ගත තෙමද්දී අඩියකට එහා සිටින මිතුරා නොපෙනන තරම් ඝන මීදුමකින් අපව වසා ගනිමින් සිටියදී අප ගලෙන් පහලට බැස අවසන් කළෙමු.
නැවතත් කන්ද මුදුන දිගේ පූජාගල දෙසට ගමන් ආරම්භ කළ අපි නිරතුරුව කූඩල්ලැන් ඉවත් කරමින් ඉලුක් මානා අතරින් පූජා ගල කරා ළගා වුවත් අපේ බලාපොරොත්තුනම් ඉටු නොවූයේ ඒ මත තැනින් තැන කැඩී තිබුණු වතුර බට කැබලි දැකීමත් සමගය. පූජාගල මත සාදාගෙන යමින් ගොස් මග නතර කර ඇති දාගැබ අසල මොහොතක් ගත කළ අප හට එහි ගල මත ඔබ්බවා තිබූ සිරිපතුලක් ද දර්ශනය විය. වේලාව මේ වන විට සවස තුන පසු වී විනාඩි හතලිහක් ලෙස සටහන්ව තිබූ බැවින් අපි ගමන ඉක්මන් කරමින් පූජා ගලට යන අතරවාරයේ පූජාගලට මදක් මෙපිටින් පිහිටි පහලට බැසීම සදහා සකස් කර තිබූ මාර්ගය ඔස්සේ ගමන් ඇරඹීමු.
තද බෑවුම් ස්ථානවල සකසා තිබූ කොන්ක්‍රීට් පඩිපෙළවල් නිසා එම ස්ථාන වලින් බැසීම යම් පහසුවක් වූවත් ගමන කන්ද තරණයට වඩා බෙහෙවින්ම දුර බවක් අපට මුළ පටන් වැටහෙමින් තිබුණි. ආපසු හැරෙන්නට තරම් වේලාවක් නොවූයෙන් අපි නොනවත්වා කන්ද පහලට බැසීම සිදු කළෙමු. වතුර හම්බුනා ඉදිරියේ ගමන් කළ ගමන් සගයෙකුගේ මුවින් පිට වූයේ අවුරුදු ගණනාවක් කාන්තාරයක සිට වතුර ඇති පෙදෙසකට ළගා වූ මිනිසෙකුගේ කටහඩෙහි ඇති තරම් වූ සතුටක් තම කටහඩෙහි සනිටුහන් කරමිනි. අලගල්ල ගලේ පැල්ලමක් හරහා සිහින්ව ගලා එන පුංචි උල්පතක් නැවුම් සිහිල් ජල කදම්බයක් පුංචි පීල්ලක් ලෙසින් පහලට ඇදවැටෙමින් තිබිණි. වහ වහා ඉන් පවස නිවා ගත් අප සාමාජිකයෝ වතුර බොතල්ද පුරවා ගනිමින් ඒ අසල වූ කුඩා ගල්තලාව මතට ගොඩ වූයේ උදෑසන ආහාරයෙන් පසු මේ වන තෙක් අහරක් නොගෙන සිටීම හේතුවෙන් හිස් වූ කුස යම් පමණතට හෝ පුරවා ගැනීමටය. කෙසෙල් කොළ වල ඔතා තිබුණු බත් මුල් තවමත් කෑමට හැකි තත්වයේ තිබීම කාගෙත් අස්වැසිල්ලට හේතු වූයේ එසේ නොවීනම් පහලට බසින
තුරුම අපහට කෑමට වන්නේ රැගෙන ගිය බිස්කට් පැකට් දෙක පමණක් වීම නිසාවෙනි.
ඉක්මනින් අහර ගත් අප යලිදු සෑම බෝතලයකටම ජලය පුරවාගෙන ගමන ආරම්භ කළේ තවත් සුළු මොහොතකින් මේ කැලෑබද පෙදෙසට අදුර ගලා එන බව දන්නා නිසාවෙනි. පය එක්මන් කළ අපි තවමත් යන්තම් වැටනෙ පොද වැස්සේ පය ලිස්සා යමින් වැටෙමින් නැගිටමින් තරමක් වේගයෙන් පහලට බසිමින් සිටියෙමු. ටිකෙන් ටික හමුවන වෘක්ෂලතා වල ස්වභාවයන්ගෙන් අප කෙමෙන් කෙමෙන් කන්දේ පහළ කොටසට ළගා වෙමින් සිටින බව හැගුණ නමුදු තවමත් අවසානයක් නම් දකින්නට නොවීය.
සියලු දෙනාටම නතර විය හැකි කුඩා තැනිතලාවක් හමු වූයෙන් අප නතර වී අත තිබු බිස්කට් පැකට්ටුව කා වතුර පානය කර නැවත ගමන් ඇරඹියේ කන්ද පහලින් වූ රේල් පාර හමුවන තුරු නැවත ගමන නතර නොකරන බව සිතින් සිතා ගනිමිනි.
අවසානයේ අපට ඒ හඩ ඇසුණි. දුමරියක් හඩ නංවමින් ගමන් කරන හඩ අපිට දැන් ඇසේ. ඒ අපේ ගමනාන්තයට අප තරමක හෝ ලංවීමත් සනිටහන් කරමින්. තවත් දිරි ගැන් වුණු අප තවත් පය ඉක්මන් කරමින් පහලට බැසීමු. පස්වරු 7.20 ට පොල්ගහවෙල කරා ගමන් ගන්නා දුම්රියක් ගංගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන බව අපට දුම්රිය කාල සටහන අන්තර්ජාලය ඔස්සේ පිරික්සීමෙන් දැක ගත හැකි විය. කෙසේ හෝ එම දුම්රියට ගොඩ වීම සදහා අප අපේ ගමන තවත් ඉක්මන් කළෙමු. කැළෑ පෙදෙස මදක් නිමා වී රබර්වත්තකට අප පිවිසුණේ මිනිස් වාසයටකට අප ආසන්න බව හගවමිනි. සතුටත් සමග තවත් වේගයෙන් යෑමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය වුයේ ගලක් මතින් ලිස්සා ගිය මගේ පාදය වැටී තිබුණු රබර් කොටයක් අස්සේ හිර වී මා හතර ගාතේ දමා වැටෙන්නට ඔන්න මෙන්න තියා නැවතීමය. කොටය තුලින් පය ගලවා ගැනීමෙන් පසු පහලට ගමන් කිරීමේදී අපට හමු වූයේ කටු මැටි බිත්තියෙන් සැදූ නිවසකි. තවත් කෙතරම් දුරක් ඇත්දැයි ඒ අයකුගෙන් හෝ දැන ගත හැකි වෙතැයි අපි සිතුවෙමු. එහෙත් එය අසලට ගිය විට දැනුනේ මාස ගණනාවක සිට එම නිවස අත්හැර දමා ඇති සෙයකි. මේ තරම් දුෂ්කර ප්‍රදේශයක සිටිනවාට වඩා පහසු වාසස්ථානයක් කරා ඔවුන් ගොස් සිටිනවා විය යුතුය. අනතුරුව තවත් භාගයක් සාදා අතරමග අතහැර දැමූ තවත් හුදකලා නිවසක් ද අපට හමු වීය.
දිගින් දිගටම පහලට බැසීමේදී කුඩා දියපහරක හඩත් බල්ලෙකුගේ බිරුම් හඩත් අප නැවතත් මිනිස් වාසයකට ඔන්න මෙන්න කියා සිටින බවට පෙර මං ළකුණු පහළ කළේය. සිතුවා සේම දිය පහරකුත් ඒ අසල කුඩා නිවසකුත් අපට හමු විය. දිය පහර මතින් මාරු වූ අප එම නිවසේ මිදුලට ගොඩ වූයේ ඔවුන්ගේ උණුසුම් සිනාවක පිළිගැනීම මැද්දේය. ආගිය තොරතරු විමසූ ඔවුන්
අපට හමු වූ කුඩා දිය උල්පත ඔවුන් හදුන්වන්නේ ශීතකරණය යන නමින් බවද අපට හදුන්වා දුනි. එතෙකින් නොනැවතුණු ඒ අපූරු මිනිසුන්ගෙන් එක් අයෙකු මග දුරක් යනතුරු අප සමග පැමිණියේ අන්ධකාරයේ අපට මග වැරදේවියැයි ඔහුට සිතුණු නිසා විය යුතුය.අනතුරුව පාලමක් අසල දී නැවතුණු මේ හිත හොද මිනිසා
''මහත්තයලා මෙතනින් දකුණට තියෙන පාර දිගේ දිගටම යන්න මේ පාර යන්නේ ගංගගොඩ ස්ටේසමට දැං තව ටිකකින් පොල්ගහවෙල කෝච්චිය එනවා ඒකේ ගියැකි මහත්තයලට"
පවසා අපට සමු දුන්නේ. මිනිසත් බව දත් තවත් මිනිසෙකුගේ මතකය අප හදවත්තුළ පැලපැදියම් කරවමිනි.
ගංගොඩට ළගා වන විට යන්තම් හතේ කණිසම ළගා වූවා පමණි. නියමිත වේලාවට වඩා මිනිත්තු විස්සක පමණ ප්‍රමාදයකින් අනතුරුව පැමිණි දුම්රිය ගංගොඩ දුම්රිය ස්ථානයේන් අපව නංවාගෙන විත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නැවැත්වූයේ තවත් අපූර්ව වූ ගමනක අවසානය සනිටුහන් කරමිනි.
ඔය කථා අතරතුර අපි පොත්තපිටියට ළගා උනා.
''ඔය ඉස්සරහා තියෙන පාර දිගේ ඉස්සරහට ගිහින් තේ ෆැක්ටරිය ළගින් දකුණට හැරෙන්න.. ඒක කෙලින්ම යන්නේ අලගල්ල කන්දට" කොන්දොස්තර මහත්තයා අපිට මග පෙන්වීම හරියටම කළා.
අපේ ගමන හරයටම පටන් ගත්තේ දැන් කීවොත් මම නිවැරදියි. අපි වාහනයක් ගමන් කළ හැකි අතුරු මාර්ගය දිගේ ඉදිරියට ටික දුරක් ගමන් කරන විට කොන්දොස්තර මහත්තයා කියපු තේ ෆැක්ටරිය අපිට හමුවුවා විතරක් නෙමෙයි එතනට අපේ ගමනාන්තයත් ඉතාමත් හොදින් දර්ශනය වුණා. දැන් පාර වැටිලා තියෙන්නේ පුංචි තේ වත්තක් මැදින්. ටික දුරක් යනකොට අපිට හමුවුණේ පුංචි කඩයක් එතන හිටිය තරුණයෝ කණ්ඩායම බොහොම කුළුපගව අපිට අනතුරු ඇගීවමක් සහ මග පෙන්වීමක් කළා.
''ගලට නගින්නද යන්නේ මල්ලී.. සබන් කෑල්ලක්වත් අරන් යන්න කූඩැල්ලෝ හොදටම මේ ටිකේ වැස්ස නිසා. බොන්ඩ වතුර ඇතිතරම් අරන් යන්න උඩ බොන්න ගන්න වතුර නම් නෑ. තව ටිකක් උඩ වත්තේ ටැංකිය තියෙනවා ඒකෙන් ඇති තරම් වතුර අරන් යන්න."
ඔවුන්ගේ බසට අවනත වූ අපි සබන් කැටයකුත් රැගෙන අපේ ගමන ආයෙම පටන් ගත්තා. කට්ටයම උදේට කාල නැති නිසා තේ වත්තේ වාඩියකට ගොඩ උනේ අපේ කණ්ඩායමේ කුක් රවිදු හදන් ආව සීනි සම්බල් එක්ක පාන් කෑල්ලක් කන්න. අපිට ඒක තනියම කන්නනම් හම්බුනේ නෑ ඉතින් මොකද රිලා යාළුවෝ ටිකකුත් අපි ඉස්සරහින් ඇවිත් අපි දිහා බලාගෙන ඉන්නට උනු නිසා ඔවුන්ටත් කොටසක් දීලා අපිත් කුසගිනි නිවාගත්තා. ටික දුරකින් වතුර ටැංකිය හම්බුනත් වතුර ඇති වෙයි කියලා හිතුන නිසා අපි තවත් වතුර පුරවන්නට නොරැදුනේ වෙන කිසිම දෙයක් නිසා නෙමයෙි ඒ වන විට උදේ එකළෙහටත් කිට්ටුවෙන් ඔරලෝසුවේ වෙලාව පෙන්වූ නිසා.
දළු නෙලන්නියන්ගේ මග පෙන්වීම ඔස්සේ අපි වත්තෙන් ඉහළට කන්ද දිගේ ඇදෙන්නට පටන් ගත්තා. ''තව කණ්ඩායම් දෙකක් අද උදේ නැග්ගා පාර හොදටම ලෙස්සනවා බලාගන නගින්නග'' බොහොම සුහදශීලීව මේ දළු නෙලන්නියන් අපිට පාර කියා දුන්නා. කදු කිහිපයක්ම නැගල තිබුණත් මේ ගමන වෙනදට වඩා අවදානම් බව ගමන පටන් ගද්දිම වැටහුනේ තියන තියන පය ලිස්සා යාමත් එක්කයි. ඒත් හිතේ තිබ්බ ආසාව හා හිතුවක්කාරකම ඊට වඩා වැඩිනිසා හැමෝම වැටිලා තිබුණ ලී කොටු සොයා ගත්තේ කකුලට අමතරව නොලිස්සා සිටීමට අධාරකයක් කර ගන්නයි.
එන්න එන්නම කන්දේ බෑවුම වැඩිවන්නට වූයෙන් දෙපා වලටත් කන්දේ උස දැනෙන්න ගත්තේ අපිටත් හොරාමයි. ටික දුරක් කන්ද මුදුනට ගමන් කළ අපි මොහොතකට විඩා නිවන්නට නතර වුනේ වතුර පොදක් බීලා පිපාසයත් නිවාගෙන ඉතුරු දුර තරණය කරන්න හිතාගෙන. ඒත් ඊට වඩා වැඩක් අපිට කරන්න සිද්ධ උනේ ඒ වෙනකොටත් මිනින්දෝරු මහත්තුරු අපේ දෙපා මනින්නට පටන් අරගෙන තිබුණ නිසයි. කට්ටියම සබන් කෑල්ල අරගෙන ටිකක් ගාගත්තේ වතුර ගාන්නෙත් නැතිවයි.
ආයෙමත් අපි කන්ද නගින්න පටන්ගත්තා තාමත් කදු මුදුනත පේන මානයකටවත් අපි ඇවිත් නෑ කිලෝමීටර 3කට ආසන්නව අපි මේ වෙනකොටත් කන්ද නැගලා. ආයෙමත් ඉඩකඩ තිබුණ තැනක අපි මොහොතකට නතර වුණා.
''තවත් දවල් වෙන්න කළින් නැගගන්න අයියා. උඩ හොදටම රස්නෙයි. තව ටිකකින් වහින්න ගනීවි." ගම්පහ පැත්තේ ඉදන් ආව කියපු කදු නගින කණ්ඩායමක සාමාජිකයෙක් අපිට කථා කරගෙන පල්ලම් බහින්න වුණා.
අපිත් අපේ ගමන ඉක්මන් කළේ අහස නොපෙනෙන තුරු වදුලක් මැදින් ගමන් කරමින් හිටපු අපට ඉස්සරහට මුහුණ දෙන්න වෙන අලුත් අභියෝගය ගැන මෙනෙහි කරමින්. ටිකෙන් ටික තුරු වදුල නිමා වූයෙන් අප ඉදිරියේ ඉලුක් පදුරු වලින් ගහනය වූ කදු මුදුනේ ඉහල කොටසේ අර්ධයක් පෙනෙන්නට වුවත් කන්දේ මුදුනත නම් තවමත් අපට පෙනේනන්ට වූයේ නැහැ. මාන පදුරු අතරින් අඩි පාර ඔස්සේ කන්ද ඉහළට ගමන් කළ අපිට පුංචි ගල් දෙබෙක්කාවකින් ඉහලට නැගීමත් සමග හිටිවනම අපේ ගමනාන්තය දර්ශනය වූයේ අප දැන් ගමනාන්තයට ඉතාමත් ආසන්න බව හගවමින්. තිබු වෙහෙස කිසිත් නොතකා අප කදු තරණය අවසන් අදියර දක්වා ඒමට සමත් වුණා.
කන්දේ පස් සහිත කොටස අවසන් වන ස්ථානයේ පෙර කදවුරු ගැසූ ස්ථානයකයැයි සිතිය හැකි තැනක අපි මොහොතකට නතර වුණේ ගමනේ උච්චතම හා ත්‍රාස්‍යජනක ඉසව්වට වත් සුළු මොහතකින් පිය නගන්නට සිදුවන බව සිහිපත් වූ නිසයි. කණ්ඩායමේ දෙදෙනෙක් ගමන ආරම්භයටත් පෙර පස්ස ගහන්න වුණේ අධික මහන්සියත් ඉදිරියේ ඇති කොටසේ තිබූ ත්‍රාස්‍යජනක බව නිසාත්මයි. අපගේ බලවත් පෙරැත්තය ඔස්සේ ඔවුන් දෙදෙනාත් අවසානයේ ගමන අවසානය දක්වාම අප සමග රදවා ගැනීමට අප සමත් වූයෙන් අපි අපේ ගමන නැවත ආරම්භ කළා.
අපේ අභියෝගය වූයේ සිංහකට නමින් හැදින් වෙන ස්ථානය හරහා කන්දේ ඉහලම ස්ථානයට ළගා වීමයි. ගලේ තැනින් තැන මතු වී තිබූ ගල් පතුරු අල්ලාගෙන අපි ගලට නැගීම ආරම්භ කළා. පුංචි හෝ අතපසු වීමක් සිදු වී නම් අපේ ගමන නිමා වන්නේ අඩි එක්දහස් පන්සීයයක් විතර වු හෙලකින් ඒ නිසා කවුරුත් පරිස්සම පළවෙනි තැන තියාගෙන ඉහලට නගින්න වූවා. ඒ වනවිටත් කන්දේ මුදුනතට නැග සිටි ගල්නෑව ප්‍රදේශයේ සිට පැමිණ සිටි කදු තරණය කරන්නන් පිරිසක් අපගේ සහයට සිංහ කට අසලට පැමිණියේ අපගේ ගමන් මළු සහ අප ඉහලට ඇද ගැනීමටයි.
ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් සමගින් සිංහ කට තරණය කර කන්දේ ඉහළම ස්ථානයට ළගා වූ අපට දකින්න ලැබුණු දර්ශනයෙන් අපේ මහන්සියට වෙච්ච දෙයක් නැති වුණා කියලා කීවොත් නිවැරදියි. මොකද ඒ තරම්ම ඒ දර්ශනය ඉතාමත් මනස්කන්තයි. ඒ අත්දැකීම විදින්න කැමරා කාචයකින් ගත්ත ඡායාරූපයක්නම් මදි කියලයි හිතෙන්නේ.
ටික වේලාවක් පරිසරයේ සුන්දරත්වය විදි අපි සූදානම් වුණේ දහවල් ආහරය ගන්නයි. ඔන්න එතකොට තමයි හැමෝටම තරු විසික් වුණේ. මොකද මේ දුෂ්කර ගමනාන්තයට ළගා වෙනකොට අපි අතේ ගෙනියපු හැම වතුර බිදුවක්ම වරින් වර පානය කිරීම නිසා අවසන් වෙලා තිබීමයි. කාටත් හොරා මගේ ගමන් මල්ලේ හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට දමා තිබූ ලීටරයේ වතුර බෝතලය හැරෙන්නට සියලු දෙනාටම වතුර පොදක්වත් ඉතිරි වී තිබුණේ නැත්තේ ගමන බලාපෛාරෙත්තු වූවටත් වඩා දුෂ්කර වීම හේතුවෙනි.
ගමන පැමිණීමට පෙර අප කියවූ ලිපි හා සංචාරක සටහන් අනුව අලගල්ලේ අනෙක් පස වූ පූජාගල ආසන්නයේ වතුර තිබෙන බව අප කියවා තිබූවෙන් අපි කෑම තවත් පැයක් පස්සට දමා පූජා ගල වෙත යාමට තීරණය කෙරූවෙන් අපි ඒ සදහා වූ මාර්ගය පිරික්සමින් සිටියෙමු. සිදු වූයේ තවත් අනපේක්ෂිත සිදු වීමකින් අප තවත් අසරණ තත්ත්වයකට ඇද ලබනු ලැබුවේ. ගමනේ ත්‍රාසය සහ කුතුහලය තවත් වැඩි කරමින්. කෙමෙන් කෙමෙන් අලගල්ල කදු මුදුනතට පහලින් වට වෙන්නට වූ දම් පැහැති වළාකුළු අපට වැස්සක පෙර නිමිති පහළ කළේ නොදන්නා පළාතක ආගන්තුක කදු මුදනතක අප අතරමං කරවමින්.



නැවතත් කන්ද මුදුන දිගේ පූජාගල දෙසට ගමන් ආරම්භ කළ අපි නිරතුරුව කූඩල්ලැන් ඉවත් කරමින් ඉලුක් මානා අතරින් පූජා ගල කරා ළගා වුවත් අපේ බලාපොරොත්තුනම් ඉටු නොවූයේ ඒ මත තැනින් තැන කැඩී තිබුණු වතුර බට කැබලි දැකීමත් සමගය. පූජාගල මත සාදාගෙන යමින් ගොස් මග නතර කර ඇති දාගැබ අසල මොහොතක් ගත කළ අප හට එහි ගල මත ඔබ්බවා තිබූ සිරිපතුලක් ද දර්ශනය විය. වේලාව මේ වන විට සවස තුන පසු වී විනාඩි හතලිහක් ලෙස සටහන්ව තිබූ බැවින් අපි ගමන ඉක්මන් කරමින් පූජා ගලට යන අතරවාරයේ පූජාගලට මදක් මෙපිටින් පිහිටි පහලට බැසීම සදහා සකස් කර තිබූ මාර්ගය ඔස්සේ ගමන් ඇරඹීමු.
තද බෑවුම් ස්ථානවල සකසා තිබූ කොන්ක්‍රීට් පඩිපෙළවල් නිසා එම ස්ථාන වලින් බැසීම යම් පහසුවක් වූවත් ගමන කන්ද තරණයට වඩා බෙහෙවින්ම දුර බවක් අපට මුළ පටන් වැටහෙමින් තිබුණි. ආපසු හැරෙන්නට තරම් වේලාවක් නොවූයෙන් අපි නොනවත්වා කන්ද පහලට බැසීම සිදු කළෙමු. වතුර හම්බුනා ඉදිරියේ ගමන් කළ ගමන් සගයෙකුගේ මුවින් පිට වූයේ අවුරුදු ගණනාවක් කාන්තාරයක සිට වතුර ඇති පෙදෙසකට ළගා වූ මිනිසෙකුගේ කටහඩෙහි ඇති තරම් වූ සතුටක් තම කටහඩෙහි සනිටුහන් කරමිනි. අලගල්ල ගලේ පැල්ලමක් හරහා සිහින්ව ගලා එන පුංචි උල්පතක් නැවුම් සිහිල් ජල කදම්බයක් පුංචි පීල්ලක් ලෙසින් පහලට ඇදවැටෙමින් තිබිණි. වහ වහා ඉන් පවස නිවා ගත් අප සාමාජිකයෝ වතුර බොතල්ද පුරවා ගනිමින් ඒ අසල වූ කුඩා ගල්තලාව මතට ගොඩ වූයේ උදෑසන ආහාරයෙන් පසු මේ වන තෙක් අහරක් නොගෙන සිටීම හේතුවෙන් හිස් වූ කුස යම් පමණතට හෝ පුරවා ගැනීමටය. කෙසෙල් කොළ වල ඔතා තිබුණු බත් මුල් තවමත් කෑමට හැකි තත්වයේ තිබීම කාගෙත් අස්වැසිල්ලට හේතු වූයේ එසේ නොවීනම් පහලට බසින
තුරුම අපහට කෑමට වන්නේ රැගෙන ගිය බිස්කට් පැකට් දෙක පමණක් වීම නිසාවෙනි.
ඉක්මනින් අහර ගත් අප යලිදු සෑම බෝතලයකටම ජලය පුරවාගෙන ගමන ආරම්භ කළේ තවත් සුළු මොහොතකින් මේ කැලෑබද පෙදෙසට අදුර ගලා එන බව දන්නා නිසාවෙනි. පය එක්මන් කළ අපි තවමත් යන්තම් වැටනෙ පොද වැස්සේ පය ලිස්සා යමින් වැටෙමින් නැගිටමින් තරමක් වේගයෙන් පහලට බසිමින් සිටියෙමු. ටිකෙන් ටික හමුවන වෘක්ෂලතා වල ස්වභාවයන්ගෙන් අප කෙමෙන් කෙමෙන් කන්දේ පහළ කොටසට ළගා වෙමින් සිටින බව හැගුණ නමුදු තවමත් අවසානයක් නම් දකින්නට නොවීය.
සියලු දෙනාටම නතර විය හැකි කුඩා තැනිතලාවක් හමු වූයෙන් අප නතර වී අත තිබු බිස්කට් පැකට්ටුව කා වතුර පානය කර නැවත ගමන් ඇරඹියේ කන්ද පහලින් වූ රේල් පාර හමුවන තුරු නැවත ගමන නතර නොකරන බව සිතින් සිතා ගනිමිනි.
අවසානයේ අපට ඒ හඩ ඇසුණි. දුමරියක් හඩ නංවමින් ගමන් කරන හඩ අපිට දැන් ඇසේ. ඒ අපේ ගමනාන්තයට අප තරමක හෝ ලංවීමත් සනිටහන් කරමින්. තවත් දිරි ගැන් වුණු අප තවත් පය ඉක්මන් කරමින් පහලට බැසීමු. පස්වරු 7.20 ට පොල්ගහවෙල කරා ගමන් ගන්නා දුම්රියක් ගංගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන බව අපට දුම්රිය කාල සටහන අන්තර්ජාලය ඔස්සේ පිරික්සීමෙන් දැක ගත හැකි විය. කෙසේ හෝ එම දුම්රියට ගොඩ වීම සදහා අප අපේ ගමන තවත් ඉක්මන් කළෙමු. කැළෑ පෙදෙස මදක් නිමා වී රබර්වත්තකට අප පිවිසුණේ මිනිස් වාසයටකට අප ආසන්න බව හගවමිනි. සතුටත් සමග තවත් වේගයෙන් යෑමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය වුයේ ගලක් මතින් ලිස්සා ගිය මගේ පාදය වැටී තිබුණු රබර් කොටයක් අස්සේ හිර වී මා හතර ගාතේ දමා වැටෙන්නට ඔන්න මෙන්න තියා නැවතීමය. කොටය තුලින් පය ගලවා ගැනීමෙන් පසු පහලට ගමන් කිරීමේදී අපට හමු වූයේ කටු මැටි බිත්තියෙන් සැදූ නිවසකි. තවත් කෙතරම් දුරක් ඇත්දැයි ඒ අයකුගෙන් හෝ දැන ගත හැකි වෙතැයි අපි සිතුවෙමු. එහෙත් එය අසලට ගිය විට දැනුනේ මාස ගණනාවක සිට එම නිවස අත්හැර දමා ඇති සෙයකි. මේ තරම් දුෂ්කර ප්‍රදේශයක සිටිනවාට වඩා පහසු වාසස්ථානයක් කරා ඔවුන් ගොස් සිටිනවා විය යුතුය. අනතුරුව තවත් භාගයක් සාදා අතරමග අතහැර දැමූ තවත් හුදකලා නිවසක් ද අපට හමු වීය.
දිගින් දිගටම පහලට බැසීමේදී කුඩා දියපහරක හඩත් බල්ලෙකුගේ බිරුම් හඩත් අප නැවතත් මිනිස් වාසයකට ඔන්න මෙන්න කියා සිටින බවට පෙර මං ළකුණු පහළ කළේය. සිතුවා සේම දිය පහරකුත් ඒ අසල කුඩා නිවසකුත් අපට හමු විය. දිය පහර මතින් මාරු වූ අප එම නිවසේ මිදුලට ගොඩ වූයේ ඔවුන්ගේ උණුසුම් සිනාවක පිළිගැනීම මැද්දේය. ආගිය තොරතරු විමසූ ඔවුන්

''මහත්තයලා මෙතනින් දකුණට තියෙන පාර දිගේ දිගටම යන්න මේ පාර යන්නේ ගංගගොඩ ස්ටේසමට දැං තව ටිකකින් පොල්ගහවෙල කෝච්චිය එනවා ඒකේ ගියැකි මහත්තයලට"
පවසා අපට සමු දුන්නේ. මිනිසත් බව දත් තවත් මිනිසෙකුගේ මතකය අප හදවත්තුළ පැලපැදියම් කරවමිනි.
ගංගොඩට ළගා වන විට යන්තම් හතේ කණිසම ළගා වූවා පමණි. නියමිත වේලාවට වඩා මිනිත්තු විස්සක පමණ ප්‍රමාදයකින් අනතුරුව පැමිණි දුම්රිය ගංගොඩ දුම්රිය ස්ථානයේන් අපව නංවාගෙන විත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නැවැත්වූයේ තවත් අපූර්ව වූ ගමනක අවසානය සනිටුහන් කරමිනි.
Wow 😍❤️
ReplyDeleteLassanai congrtlzn brothr
ReplyDelete