­

Search This Blog

Pages

Monday, October 8, 2018

සුන්දර අලගල්ල


සැරිය අපේ කණ්ඩායම ලංකාව පුරා බොහෝ ගමනාන්තයන් කරා ළගා වී තිබුණත් මේ වගේ ලිපියකින් ඔබව හමුවන පළමු වෙනි ලිපිය ලෙස මෙය අපට හදුන්වන්න පුළුවන්. උක්ත ආක්යාත ගළපලා සාරගර්භ විදියට ලියනවට වඩා මේ විදිහට ලියන එක කියවන ඔබට පහසුවක් වෙයි කියල  හිතන නිසා මේ විදියට ලියන්නම්. ඔයාලගේ අදහස් සමග ඉදිරියට මේ ලිපි මාලාව ඔබට සමීප කරවන්නට බලාපෛාරොත්තු  වෙනවා. 

  වැඩි විස්තර අපි  ගැන  කියනවට වඩා ඔබව මේ  ගමනාන්තයට කැදවාගෙන යාම  ඉතා වටින නිසාත්  ඔබ ඉතාමත්  කුතුහලයෙන්  මේ  දෙස බලා සිටින බව දන්නා  නිසාත් අපි ගමන පටන් ගමු.

අලගල්ල කඩුගන්නාව කදු පන්තියේ  රජු කියලා අපිට හදුන්වන්න පුළුවන්. කන්ද උඩරට දුම්රිය මාර්ගයේ ඔබ ගමන් කරලා තියෙනවානම්  මේ  කදු  රාජයා  ඔබේ  නෙතට  අනිවාර්යෙන්ම  හසුවෙලා  තියෙන්න පුළුවන්. 

අපි ගමන යන්න හිතාගන හිටියේ නම්  පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ඉදලා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට ගිහින් එතනින්  ගමන  ආරම්භ කරන්න. හැබැයි  අපේ මිතුරු කණ්ඩායමත් හරියටම වෙලාවට වැඩ කරන නිසා දෙයියනේ කියලා 7.20 කෝච්චිය අල්ලගන්න දේවාලේගමට කට්ටය එකතු වෙනකොටත් උදේ 8.10 විතර උනා ''ආයෙම කොච්චියක් තියෙන්නේ  දවල් එකොළහුකුත් ගානකට. අපේ ටෙක්නිකල් හාදයා 
Train Schedule එක බලලා කියපි. ලෑස්ති  උන  ගමන නොයා ඉන්නද හැමදේටම ලෑස්ති  වෙලා තිබුණ නිසා අපි අපේ විකල්ප  ගමන් මාර්ගය තෝරා ගත්තා. කෑගල්ල හරහා පිළිමතලවට ගිය අපි පිළිම තලාව  ඔරලෝසු කණුව ලගින් බැහැලා වම් අතට තිබුණ පොත්ත පිටිය මාර්ගයට වෙලා හිටියේ පොත්ත පිටියට යන  බස් එකක් එනකම්. පාරේ යන මගියෙක් නම්  කිවේ විනාඩි 15 න් 15ට බස් තියෙනවා කියලා. ඒත් බලං ඉන්නනේ බැරි බස් එක්ක එනකම් අපි ගමන  පයින්ම පිටත් උනා. පොත්තපිටියට කි.මී. 9.4 ක් තියෙනවා. අපි යන්තම් කිලෝ මීටර එක හමාරක් විතර යනකොට බස් රථයක් ආව පයින් යාම නතර  කරලා බස් එකට නැග ගත්තේ තව  කිලෝ මීටර ගණනාවක්ම කන්ද  නගින්න තියෙන බව දන්න නිසයි.